2015 November US Nonfarm Payrolls 271k vs 181k

ඊයේ එනම් 2015 නොවැම්බර් 6 සිකුරාදා ඇමරිකානු නිව්යෝර්ක් වේලාවෙන් (EDT) පෙ.ව 8.30 නිකුත් වූ U.S Non Farm Payroll (Nonfarm Employment Change) සහ Unemployment rate (විරැකියා ප්‍රතිශතය) දත්ත අනුව EUR/USD මුදල් යුගලයෙහි මිල අගය pips 138 කින් පමණ පහල බැසීමක් සිදුවිය. මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 7.00 ට නිකුත් වුණි. පහත රුපය නිරීක්ෂණය කරන්න.

chart nov 2015 nfp

ඉහත ප්‍රවෘත්තියට අදාල දත්ත නිකුත් වීමත් සමගම EUR/USD හි මිල අගය 1.0845 සිට 1.0707 දක්වා පහල බැස යාමක් සිදුවූ අතර නැවත එය 1.0738 අගය සීමාව තුල දෝලනය(bouncing) වෙනු දක්නට ලැබුණි.

නිකුත් වූ U.S Non Farm Payroll සහ Unemployment rate දත්ත අනුව ඇමෙරිකානුවන් පසුගිය ඔක්තෝබර් මාසයට අලුතින් රැකියා 271,000 ක් බිහිකර ඇත. ආර්ථික විශ්ලේෂකයින් අපේක්ෂා කල මට්ටම වූයේ 181,000 අගය සීමාවය.

calender

අපේක්ෂා කල අගය මට්ටමට වඩා ඉහල අගයකින් අලුතින් එකතු වූ රැකියා දත්ත පිටවූ නිසා ඇමෙරිකානු ඩොලරය, අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත් විය.

            ඉහත ප්‍රස්තාරයෙන් දක්වා ඇත්තේ එම අවස්ථාවේදී ඇමරිකානු ඩොලරය, යුරෝවට සාපේක්ෂව ශක්තිමත් වූ ආකාරයයි. එනම් EUR /USD මුදල් යුගලයේ විනිමය අනුපාතික අගය පහල යාමකි. අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම අනුව ලොව අනෙකුත් මුදල් ඒකක වල මිල අගය ඇ.ඩොලරයට සාපේක්ෂව දුර්වල වේ. මෙහිදී USD ය Base Currency ලෙස පවත්නා මුදල් යුගල වල විනිමය අනුපාතික අගය ඉහල යයි. එනම් අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම නිසා වැඩි මුදලකට එය මිලදී ගැනීමට සිදු වීමයි. පහත USD/JPY ප්‍රස්තාරය බලන්න.

chart usd-jpy 2015 nov

විරැකියා ප්‍රතිශත අගය පහල අගයකට පැමිණීම සහ අලුතින් රැකියා උත්පාදනය වර්ධනය වීම ඇමෙරිකානු ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බව පෙන්නුම් කරයි. එනම් අලුතින් රැකියා බිහිවීමත් සමග විරැකියාවෙන් පෙUS-jobsලෙන්නන් ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවය. ඇමෙරිකානු ආර්ථිකයට අලුතින්’එකතු වන රැකියා ප්‍රමාණය වැඩිවීමත් සමගම පසුගිය කාලය පුරාවටම එහි වර්ධනයක් පෙන්නුම් කල බැවින් ඉදිරියේදී (2015 දෙසැම්බර් හෝ බොහෝවිට 2016 වසර තුල ) ඇ. ඩොලරයේ පොලී අනුපාතිකය ඉහල දැමීමට ඇති ඉඩ ප්‍රස්තා වැඩිය.

මීලග FOMC පොලී අනුපාතික වෙනස් වීම් සහ මුල්‍ය ප්‍රතිපක්ති තීරණ දැනුම් දීම් සිදුවන්නේ 2015 December මස 16 දිනයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *