Donald Trump Wins the 2016 Election

ඇමෙරිකාවේ කිරුළ ට්‍රම්ප්ට

ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ. ට්‍රම්ප් නියෝජිත ඡන්ද (ආසන) 538න්, බහුතරය වන ඡන්ද 276 ලබා ජයග්‍රහණය කර තිබේ. (ආසන 270ක් ජයග්‍රහණය කිරිම ඇමෙරිකාවේ ජනපති වශයෙන් තේරී පත්වීමට ප්‍රමාණවත්ය)

ඇමෙරිකානු ඉතිහාසයේ දේශපාලන පසුබිමක් නොමැතිව, වඩාත් ආකර්ෂණීය චරිතයක් ලෙස කරළියට පැමිණි ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඇමෙරිකාවේ වත්මන් ජනපති බරැක් ඔබාමා පාලනයේ මෙන්ම, ප්‍රධාන දහරාවේ මාධ්‍යවලද පරාජයක් බව විදෙස් විචාරකයෝ පවසති.

ජනාධිපතිවරණය ආරම්භයේ සිටම ප්‍රධාන දහරාමේ මාධ්‍යවලින් සහයෝගයක් නොලැබූ ට්‍රම්ප්, විවිධ බාධක මධ්‍යයේ තරග බිමේ සිටි ට්‍රම්ප්, ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨ කිරීමේ සටන් පාඨයෙන් තරග කළේය. එමෙන්ම, රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා ලෙස තරග කළ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වෙත ජනපති ඔබාමාගේ නොමද සහයෝගයක් ලැබුණත්, වරින්වර මතු වූ ඊමේල් ගනුදෙනු සිද්ධීන් ඇයගේ ජනප්‍රියත්වයට බලවත් තර්ජනයක් එල්ල කර තිබුණි.  ඒ අනුව, දැන් ඇමෙරිකාවේ සුක්ඛානම නවක චරිතයක් අතට පත්ව තිබේ. සිය ජනාධිපතිවරණය අභියස වඩාත් කතාබහට ලක්වූ මාතෘකා රැසක් කතා කළ ට්‍රම්ප් ඇමෙරිකාව ලෝක පොලිස්කාරයෙකු කිරීමට වඩා, ලෝකය සමග සහයෝගයෙන් කටයුතු කරන ඇමෙරිකාවක් කරනු ඇති බව බොහෝ දෙනාගේ අපේක්ෂාවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමගම ලෝක මුල්‍ය වෙළදපොලෙහි පැහැදිලි පසුබෑමක් දක්නට ලැබුණු අතර ඇමෙරිකානු ඩොලරය ලොව අන් මුල්‍ය ඒකක වලට සාපේක්ෂව පහත බැස්මක් දක්නට ලැබුණි. පසුව නැවතත් යථා තත්වයට පැමිණීමට හැකි වීමද විශේෂයකි.

EUR/USD මුදල් ඒකකය ඩොනල්ඩ්  ජයග්‍රහණය කිරීමත් සමගම ඉහළ අගයකට ගිය අයුරු. එනම්  ඇමෙරිකානු ඩොලරය යුරෝවට සාපේක්ෂව වටිනාකම පහල යෑමකි.

nov-09 EUR USD

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *