EUR/USD නොකඩවා පහල අගයක් ගන්නේ ඇයි?

2015 03 12 Eur-usd

EUR/USD (weekly chart) 2014 මැයි 08 වෙනි දින සිට මේ දක්වා මිල අගය පහල බැස ගොස් ඇති අයුරු

ඊයේ දිනයේද ඇමෙරිකානු’ඩොලරය තවදුරටත් ශක්තිමත් වීම දක්නට ලැබුණි. ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමේදී මෙන්ම යුරෝව දුර්වල වීමේදීද  EUR/USD මුදල් යුගලයේ විනිමය අනුපාතිකය පහල බසී. පසුගිය මාස 10ක පෙර 1.3982 පමණ අගය සීමාවක තිබූ EUR/USD හි මිල අගය පහල අගයකට ගමන් කිරීමට යුරෝපා කලාපයේ තවමත් පවතින ඉහල විරැකියා මට්ටම සහ යුරෝපා මහා බැංකුවේ ආර්ථික තත්ත්ව නිවේදනද ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් වීමට අදාල රැකියා දර්ශක, රන් මිල සහ බොර තෙල් මිල අගය පහල යාමද බලපෑ විශේෂ කාරනා විය.

      පසුගිය මාර්තු 10 වෙනිදා ඇමෙරිකානු කොටස් වෙළදපොල මිල දර්ශක කොටස් මිල  ( Dow Jones /S&P500) පහල යාමත් සහ ඇමෙරිකානු ෆෙඩරල් බැංකුව විසින් ලබන 2015 ජුනි මාසයේදී ඩොලරයේ පොලී අනුපාතිකය ඉහල දැමීමට අදාල වැඩි බලාපොරොත්තු සහිත තත්වයන් FOMC මාධ්‍ය සාකච්ඡාවල දී ඇති වීමත්, ඩොලරයේ ශක්තිමත් වීමට බලපෑ කරුණු අතර විය.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *