FOMC Meeting June 17

ඇමෙරිකානු ෆෙඩරල් බැංකුවේ (ඇමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ වෙළෙඳපොළ කම්ටුව Federal Open Market Committee (FOMC) ) ජුනි මාසයට අදාල පොලී අනුපාතික janet Yellenවෙනස් වීම් සහ මුල්‍ය ප්‍රතිපක්ති තීරණ දැනුම් දීම ඊයේ දින එනම් ජුනි 17 දින ඇමෙරිකානු නිව්යෝර්ක් වේලාවෙන් ප.ව 2 ට සහ මාධ්‍ය සාකච්ඡාව ප.ව 2.30 සිට ප.ව 3.30 දක්වා පැවතිනි. පොලී අනුපාතික වෙනස් වීම් දැනුම් දීම ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.30 ටත් මාධ්‍ය සාකච්ඡාව රාත්‍රී 12.00 සිට උදැසන 1.00 දක්වා පැවතිනි. රාත්‍රී 12.00 සිට 12.15 දක්වා අතර කාලයේ FOMC හි සභාපතිනි Janet L. Yellen කරුණු ඉදිරිපත් කිරීම සිදුවූ අතර ඒ සදහා Market watch, Bloomberg, CNBC, Bankrate, Reuters , Market News වැනි මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ආර්ථිකය සහ පොලී අනුපාතික වෙනස් වීම සිදු කරන කාලය පිළිබද මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න යොමු කරනු ලැබීය.

එම මාධ්‍ය සාකච්ඡාව අතරතුර EUR/USD හි මිල අගය වෙනස් වූ ආකාරය පහතින් දැක්වේ.

EUR/USD June 18

 

ඊයේ දින නිකුත් වූ පොලී අනුපාතික අගය අනුව තව දුරටත් එය නොවෙනස්ව පවතී. මීලග FOMC පොලී අනුපාතික වෙනස් වීම් සහ මුල්‍ය ප්‍රතිපක්ති තීරණ දැනුම් දීම් සිදුවන්නේ 2015 සැප්තැම්බර් මස දිනයි.

http://www.forexfactory.com/calendar.php

www.forexfactory.com/calendar.php

FOMC සභාපතිනිය වන Janet L. Yellen ගේ කරුණු ඉදිරිපත් කිරීම අනුව ඇමෙරිකානු ආර්ථිකය 2015 මුල් කාර්තුවේදී සැලකිය යුතු ප්‍රගතියත් අත් කරගෙන ඇත. එම ආර්ථික වර්ධනය සදහා පසුගිය මැයි මස තුල ඇමෙරිකානු විරැකියා මට්ටම 5.5% අගය ගැනීමත් අප්‍රේල් මාසයේදී එම අගය 5.4% අගයක් ගැනීම එමෙන්ම අනෙකුත් ප්‍රධාන ආර්ථික දර්ශක වන අලුතින් නිවාස ඉදිකිරීම්, පාරිභෝගික මිල දර්ශකය, ආනයන/අපනයන තත්ත්ව, NFP වැනි ප්‍රධාන දර්ශක වල යම් වර්ධනයක් පෙන්නුම් කිරීම අනුව මේ වසරේදී පොලී අනුපාතික ඉහළ දැමීමක් සිදුවීමට ඉඩ ඇති බවත් ඇය සදහන් කලාය. මෙහිදී මාධ්‍යවේදීන් එම පොලී අනුපාතික ඉහළ දැමීම ස්ථීර වශයෙන්ම මේ වසරේ සිදුවේද, කවදාද යන ප්‍රශ්න ඇයට යොමු කලත් ඇය සදහන් කලේ ඒ පිලිබදව ස්ථීර ලෙස කිව නොහැකි බවත් ඒ සදහා ඉදිරි මාස වල ආර්ථික දර්ශක ඔවුන් අපේInflationක්ෂා කරන මට්ටමට ලගා වුවහොත් පොලී අනුපාතික ඉහළ දැමීමක් සිදුවිය හැකි බවයි. විශේෂයෙන්ම උද්දමන වේගය ඔවුන් අපේක්ෂා කරන මට්ටමට ලගා වීම, පුර්ණ කාලීන රැකියාවල වර්ධනයක් ඇති වීම සහ විරැකියා මට්ටම 5.2% අගය ඔවුන් බලපොරොත්තු වේ.

ඊයේ දින නිකුත් වූ පොලී අනුපාතික අගය අනුව තව දුරටත් එය නොවෙනස්ව පැවතීමත්, එමෙන්ම අනාගත පොලී අනුපාතික ඉහළ දැමීමක් නිශ්චිත වශයෙන් ප්‍රකාශ නොකිරීමත් නිසා ඇමරිකානු ඩොලරයේ විනිමය අනුපාතිකය අනෙකුත් ප්‍රධාන මූල්‍ය එකක හමුවේ දුර්වල වීමක් දක්නට ලැබුණි. ඒ අනුව EUR/USD හි මිල අගය 1.1264  සිට 1.1336  දක්වා ඉහල යාමක් සිදුවුනි.

2015 වසරේ FOMC මීළග තීරණයන් දැනුම් දෙන දිනයන්,

July 28-29
September 16-17*
October 27-28
December 15-16*

* ඇමරිකානු ඩොලරයේ පොලී අනුපාතික වෙනස්වීම් , මුදල් ප්‍රතිපක්ති, තීරණ තීන්දු හා ආර්ථිකයේ ඉදිරි දැක්ම කෙරෙහි අතීශය තීරණාත්මක තීන්දු සහ තීරණ දැනුම් දීම් සිදුවන දිනයන්ය.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *