FOMC Meeting September 17

ඇමෙරිකානු ෆෙඩරල් බැංකුවේ (ඇමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ වෙළෙඳපොළ කම්ටුව Federal Open Market Committee (FOMC) ) පොලී අනුපාතික වෙනස් වීම් සහ මුල්‍ය ප්‍රතිපක්ති තීරණ දැනුම් දීම් සිදුවන්නේ 2015 සැප්තැම්බර් මස 17 දින එනම් අද දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.30 ටත් මාධ්‍ය සාකච්ඡාව රාත්‍රී 12.00 සිට උදැසන 1.00 දක්වා වේ. අද රාත්‍රී නිකුත් වීමට නියමිත ඇමෙරිකානු ඩොලරයේ පොලී අනුපාතික අගය සියලුම forex ගනුදෙනු වල නිරතවන්නන් දැනුවත් ව සිටීම ඉතා වැදගත් වේ. මන්ද එහි යම් වෙනස් වීමක් සිදුවුවහොත් එය අනෙකුත් සියලුම මුදල් ඒකක වලට ඍජු බලපෑමක් ඇති කරන බැවිනි.

FOMC රැස්වීම පිළිබද අපගේ ජුනි මස ලිපිය කියවන්න.

http://www.forexsrilanka.com/fomc-meeting-june-17/

FOMC සභාපතිනිය වන Janet L. Yellen පසුගිය ජුනි මස බලාපොරොත්තු වූ පරිදි ප්‍රධාන ආර්ථික දර්ශක වන අලුතින් නිවාස ඉදිකිරීම්, පාරිභෝගික මිල දර්ශකය, විරැකියා මට්ටම, ආනයන/අපනයන තත්ත්ව, NFP වැනි ප්‍රධාන දර්ශක වල යම් වර්ධනයක් පෙන්නුම් කිරීම අනුව මේ වසරේදී පොලී අනුපාතික ඉහළ දැමීමක් සිදුවීමට ඉඩ ඇති බවත් ඇය සදහන් කලාය. විශේෂයෙන්ම විරැකියා මට්ටම ඔවුන් අපේක්ෂා කල මට්ටමට(5.2%) වඩා අඩු අගයක් ගැනීම එනම් පසුගිය අගෝස්තු මස විරැකියා මට්ටම 5.1% අගය වාර්තා කිරීම සහ ඇමෙරිකාවේ ආර්ථිකය 2008 න් පසු කෙමෙන් කෙමෙන් යම් වර්ධනයක් අත් කර ගැනීම තුල 2015 අවසාන මාස කිහිපය තුල සහ 2016, 2017 යන වසර වල ඩොලරයේ පොලී අනුපාතික අගය ඉහල දැමීමක් අපේක්ෂා කල හැකිය.

දැනට පවතින පොලී අනුපාතික අගයෙහි අද දින යම් වැඩි වීමක් එනම් 0.25% අගය ඉහල යාමක් සිදුවුවහොත් ඩොලරය අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත් වනු ඇත. එවිට EUR/USD මුදල් ඒකකයෙහි මිල අගය දැනට පවතින අගයට වඩා පහල අගයක් කරා ගමන් කරනු ඇත. USD/JPY වැනි  ඇමෙරිකානු ඩොලරය Base Currency පවතින මුදල් යුගල වල මිල අගය ඉහල අගයක් කරාද ගමන් කරනු ඇත.

යම් හෙයකින් පොලී අනුපාතික වෙනස් වීමක් සිදු නොවුවහොත් අපේක්ෂා බිද වැටීම මත ඇමෙරිකානු ඩොලරය අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව දුර්වල වනු ඇත.  එනම් EUR/USD හි අගය දැනට පවතින අගයට වඩා ඉහල අගයක් කරා ගමන් කරනු ඇත. USD/JPY වැනි  ඇමෙරිකානු ඩොලරය Base Currency පවතින මුදල් යුගල වල මිල අගය පහල අගයක් කරාද, EUR/ USD, GBP/USD  වැනි  ලෙස counter currency ලෙස පවතින  ඉහල අගයක් කරාද ගමන් කරනු ඇත.

Base Counter

2008, 2009 වසරවල ඇමෙරිකානු ආර්ථිකය කඩා වැටීමෙන් පසු ඩොලරයේ පොලී අනුපාතිකය පහල දැමීමක් සිදුවූ අතර මේ දක්වා පවතින්නේ 0.25% ක පොලී අනුපාතික අගයකි. පහත දත්ත අධ්‍යයනය කරන්න.

USD Interest Rate

Release Date Time

(US -New York Time)
Actual Forecast Previous
Sep 17, 2015 14:00   0.25% 0.25%
Jul 29, 2015 14:00 0.25% 0.25% 0.25%
Jun 17, 2015 14:00 0.25% 0.25% 0.25%
Apr 29, 2015 14:00 0.25% 0.25% 0.25%
Mar 18, 2015 14:00 0.25% 0.25% 0.25%
Jan 28, 2015 15:00 0.25% 0.25% 0.25%
Dec 17, 2014 15:00 0.25% 0.25% 0.25%
Oct 29, 2014 14:00 0.25% 0.25% 0.25%
Sep 17, 2014 14:00 0.25% 0.25% 0.25%
Jul 30, 2014 14:00 0.25% 0.25% 0.25%
Jun 18, 2014 14:00 0.25% 0.25% 0.25%
Apr 30, 2014 14:00 0.25% 0.25% 0.25%
Mar 19, 2014 14:00 0.25% 0.25% 0.25%
Jan 29, 2014 15:00 0.25% 0.25% 0.25%
Dec 18, 2013 15:00 0.25% 0.25% 0.25%
Oct 30, 2013 14:00 0.25% 0.25% 0.25%
Sep 18, 2013 14:00 0.25% 0.25% 0.25%
Jul 31, 2013 14:00 0.25% 0.25% 0.25%
Jun 19, 2013 14:00 0.25% 0.25% 0.25%
May 01, 2013 14:00 0.25% 0.25% 0.25%
Mar 20, 2013 14:00 0.25% 0.25% 0.25%
Jan 30, 2013 15:15 0.25% 0.25% 0.25%
Dec 12, 2012 13:30 0.25% 0.25% 0.25%
Oct 24, 2012 14:15 0.25% 0.25% 0.25%
Sep 13, 2012 12:30 0.25% 0.25% 0.25%
Aug 01, 2012 14:15 0.25% 0.25% 0.25%
Jun 20, 2012 12:30 0.25% 0.25% 0.25%
Apr 25, 2012 12:30 0.25% 0.25% 0.25%
Mar 13, 2012 14:15 0.25% 0.25% 0.25%
Jan 25, 2012 13:30 0.25% 0.25% 0.25%
Dec 13, 2011 15:15 0.25% 0.25% 0.25%
Nov 02, 2011 12:30 0.25% 0.25% 0.25%
Sep 21, 2011 14:15 0.25% 0.25% 0.25%
Aug 09, 2011 14:15 0.25% 0.25% 0.25%
Jun 22, 2011 12:30 0.25% 0.25% 0.25%
Apr 27, 2011 12:30 0.25% 0.25% 0.25%
Mar 15, 2011 14:15 0.25% 0.25% 0.25%
Jan 26, 2011 15:15 0.25% 0.25% 0.25%
Dec 14, 2010 15:15 0.25% 0.25% 0.25%
Nov 03, 2010 14:15 0.25% 0.25% 0.25%
Sep 21, 2010 14:15 0.25% 0.25% 0.25%
Aug 10, 2010 14:15 0.25% 0.25% 0.25%
Jun 23, 2010 14:15 0.25% 0.25% 0.25%
Apr 28, 2010 14:15 0.25% 0.25% 0.25%
Mar 16, 2010 14:15 0.25% 0.25% 0.25%
Jan 27, 2010 15:15 0.25% 0.25% 0.25%
Dec 16, 2009 15:15 0.25% 0.25% 0.25%
Nov 04, 2009 15:15 0.25% 0.25% 0.25%
Sep 23, 2009 14:15 0.25% 0.25% 0.25%
Aug 12, 2009 14:15 0.25% 0.25% 0.25%
Jun 24, 2009 14:15 0.25% 0.25% 0.25%
Apr 29, 2009 14:15 0.25% 0.25% 0.25%
Mar 18, 2009 14:15 0.25% 0.25% 0.25%
Jan 28, 2009 15:15 0.25% 0.25% 0.25%
Dec 16, 2008 15:15 0.25% 0.50% 1.00%
Oct 29, 2008 14:15 1.00% 1.00% 1.50%
Oct 08, 2008 07:00 1.50% 2.00%
Sep 16, 2008 14:15 2.00% 2.00% 2.00%
Aug 05, 2008 14:15 2.00% 2.00%
Jun 25, 2008 14:15 2.00% 2.00% 2.00%
Apr 30, 2008 14:15 2.00% 2.00% 2.25%
Mar 18, 2008 14:15 2.25% 2.50% 3.00%
Jan 30, 2008 14:15 3.00% 3.50%
Jan 22, 2008 14:15 3.50% 4.25%

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *