LONDON DST Time

මහා බ්‍රිතාන්‍යයේ සම්මත වේලාව සෑම වසරකම මාර්තු මස අවසන් ඉරිදා පැයක් ඉදිරියට ගැනීම සිදු වේ. එනම් 2015 වර්ෂයේ මහා බ්‍රිතාන්‍යයේ LONDON නගරය කේන්ද්‍ර කර ගනිමින් DST ආරම්හ වන්නේ මාර්තු 29 ඉරිදා දින සිටය.  මෙම වෙනස් වීම හදුන්වනු ලබන්නේ  British Standard Time (BST) ලෙසිනි. සෑම වර්ෂයකම දෙවන ඉරුදින, එනම් මේ වර්ෂයේ මාර්තු 29 ඉරුදින පෙ.ව 1.00 පෙ.ව 2.00 දක්වා පැයක් ඉදිරියට ගැනීම සිදුවෙන අතර, නැවත ඉදිරියට ගත්  පැය ආපස්සට ගැනීම සිදු වන්නේ, ඔක්තෝම්බර්  මස අවසන්  ඉරුදින සිටය. එනම් 2015  ඔක්තෝම්බර් 25  වන දින සිටය.

2015 Sun, 29 Mar, 01:00 GMT → BST +1 hour (DST start) UTC+1h
Sun, 25 Oct, 02:00 BST → GMT -1 hour (DST end) UTC

 

london-march-29

2015 මාර්තු 29

london-oct-25-

2015 ඔක්තෝම්බර් 25

Forex වෙළදපොල ගනුදෙනු වල නිරත වන්නන්ට මෙම කාලය වෙනස් වීම වැදගත් වන්නේ London මූල්‍ය වෙළදපොල ආරම්භ වන වේලාව ශ්‍රී ලංකා වේලාවෙන් පසුගිය සතියට වඩා පැයකට කලින් ආරම්භ වෙන බැවිනි. London කලාපය අයත් වූයේ  0 GMT/UTC  කලාපයට  වන අතර ශ්‍රී ලංකාව අයත් වන්නේ +5.50 GMT/UTC කලාපයටය. එනම් ශ්‍රී ලංකාව හා London අතර වෙලාවෙහි වෙනස වුයේ පැය 5.30 කි. මාර්තු 29 ඉරුදින  සිට එය +1 GMT/UTC බවට වෙනස් වෙන නිසා ශ්‍රී ලංකාව හා London අතර වේලාව වෙනස වන්නේ පැය 4.30 කි. එනම් London වේලාව ශ්‍රී ලංකා වේලාවට වඩා පැය 4.30 ක් පිටුපසින් සිටින බවයි. එනම්  London මූල්‍ය වෙළදපොල ආරම්භ වන්නේ London වේලාවෙන් පෙ.ව 8.00 ට වන අතර එය  ශ්‍රී ලංකා වේලාවෙන් දහවල්  12.30 ටය.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *