Trump and World Economy

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජය කණුව ආසන්නයට පැමිණෙද්දී ලෝක ආර්ථිකය තිගැස්සමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

මේ වන විට ඕස්ට්‍රේලියානු කොටස් ආයෝජනවලින් ඩොලර් බිලියන 35 කට ආසන්න මුදලක් ඉවත් කර ඇති බව 9news පුවත් සේවය වාර්තා කරන අතර The Guardian වෙබ් අඩවිය කියා සිටින්නේ මේ වන විට ඇමරිකානු ඩොලරයේ අගය පහළ වැටෙමින් පවතින බවයි. අද දිනය තුළ දී ඇමරිකානු ඩොලරය ජපාන යෙන්වලට සාපේක්ෂව 3% කින් කඩා වැටී තිබෙන බව The Guardian වැඩිදුරටත් කියා සිටී.

අද දිනයේ දී ජපානයේ නිකී වෙළෙඳපොළ ඒකක 900 කින් හෙවත් 5.39% කින් පහළ ගොස් ඇත.

මේ අතර ඇමරිකාවේ Dow දර්ශකය ඒකක 800 ක් ඉක්මවා ද, Nasdaq 100 5% ක් ඉක්මවා ද පහළ ගොස් තිබේ. මෙරට කොළඹ කොටස් වෙළෙඳපොළ ද අද දහවල් වන විට ඒකක 22 කින් පහළ ගොසේ තිබුණි. CNN පුවත් සේවය සඳහන් කරන පරිදි මේ වන විට ඕස්ට්‍රේලියා, චීන, ජපාන, හොංකොං, ඉන්දියා, ජපාන හා තායිවාන යනාදී ලොව ප්‍රධාන පෙළේ ආර්ථිකයන්ට හිමිකම් කියනු ලබන කොටස් වෙළෙඳපොළ රැසක් අද දිනයේ දී කඩා වැටී ඇත.

asian-markets-triump

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *