U.S Non Farm Payroll සහ Unemployment rate

අද දින 2015/03/06 ඇමරිකානු නිව්යෝර්ක් වේලාවෙන් (EST) පෙ.ව 8.30 නිකුත් වූ U.S Non Farm Payroll සහ Unemployment rate (විරැකියා ප්‍රතිශතය) දත්ත අනුව EUR/USD මුදල් යුගලයෙහි මිල අගය මුල් විනාඩි 2 තුල pips 97කින් පහල බැසීමක් පෙන්නුම් කල අතර  විනාඩි 8කින් පසු pips 118කින් පහල බැසීමක් දක්නට ලැබුණි. පහත රුපය නිරීක්ෂණය කරන්න. මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 7.00 ට  නිකුත් වුණි.

2015 march 6

EUR/USD මුදල් යුගලයෙහි මිල අගය වෙනස් වීම

බොහෝ දෙනාගේ වැඩි අවධානයක් යොමු වූ මෙම සතියේ තිබුණු Economic News Events අතරින් වඩාත් වැදගත්ම  News Event එක අද දිනයේ නිකුත් වූ (2015/03/06) U.S Non Farm Payroll හැදින්විය හැක.  බොහෝ ආර්ථික විශ්ලේෂකයින් බලාපොරොත්තු වූයේ ශක්තිමත් රැකියා තත්ත්ව ඇතුලත් දත්ත අද දිනයේ නිකුත් වෙනු ඇති බවටය, ඒ අපේක්ෂාව යථාර්තයක් බවට පත් කරමින් අපේක්ෂා කල මට්ටමටත් වඩා  ඉහල අගයකින් එම රැකියා දත්ත පිටවීම අද දිනයේදී දක්නට ලැබුණි.

calender march 6

පිටවූ U.S Non Farm Payroll දත්ත අනුව ඇමෙරිකානුවන් පෙබරවාරි මාසයට අලුතින් රැකියා 295,000 ක්  බිහිකර ඇත. ආර්ථික විශ්ලේෂකයින් අපේක්ෂා කල මට්ටම වූයේ 240,000 අගය සීමාවය. අපේක්ෂා කල අගය මට්ටමට වඩා ඉහල අගයකින් අලුතින් එකතු වූ රැකියා දත්ත පිටවූ නිසා ඇමෙරිකානු ඩොලරය, අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත් විය.

එම අගය සදහා 288,000ක රැකියා ප්‍රමාණයක් පුද්ගලික අංශයෙන්ද, 7000 ක රැකියා ප්‍රමාණයක් රාජ්‍ය අංශයෙන්ද වශයෙනි. පසුගිය 2014 දෙසැම්බර් මස පිටවූ U.S Non Farm Payroll දත්ත එනම් අලුතින් එකතු වූ රැකියා ප්‍රමාණය වූයේ 329,000 වන අතර 2015 ජනවාරි මස එම අගය 257,000 ලෙස නිකුත් වුවද පසුව එය 239,000 ලෙස නිවැරදි කරන ලදී.

2015 පෙබරවාරි මස රැකියා එකතුවීම සහ අඩු වීම් පහත ආකාරයෙනි

  • වෘත්තීය සේවා: + 51,000
  • ප්‍රවාහන සහ ගබඩා : +18,500
  • ක්‍රීඩා සහ ආගන්තුක සත්කාර: + 66,000
  • තොරතුරු : + 7,000
  • සෞඛ්ය ආරක්ෂණ හා සමාජ ආධාර: + 32,800
  • සිල්ලර වෙළඳාම: + 32,000
  • ඉදිකිරීම්: + 29,000
  • නිෂ්පාදන : + 8,000
  • ආර්ථික කටයුතු   : + 10,000
  • අධ්‍යාපන සහ  සෞඛ්‍ය සේවා : + 54,000
  • පතල් සහ දැව කර්මාන්ත: -8,000
  • වෙනත් සේවා: +9,000
  • තොග වෙළෙදාම : +11,700
  • රාජ්‍ය සේවා: +7,000

ඇමෙරිකානු  විරැකියා ප්‍රතිශතය

ඇමෙරිකානු  විරැකියා ප්‍රතිශතය 2015  ජනවාරි මස තුල 5.70% අගයක් ගත්  අතර පෙබරවාරි මස එය 5.50% අගය දක්වා පහත වැටී ඇත. පෙබරවාරි මාසයේ අමෙරිකාවේ විරැකියා ප්‍රතිශතය අපේක්ෂා කල අගයට වඩා අඩු අගයක් ගැනීමද, එම අගය පසුගිය වසර 6  1/2 තුල වාර්තා වූ අවම අගය වාර්තා කිරීමද හේතු කොටගෙන  ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් විය.

(එක්සත් ජනපදය තුල විරැකියා අනුපාතය ගණනය කරනු ලබන්නේසමස්ත  ශ්‍රම බලකාය තුලරැකියා නොමැතිව සිටින අය  සහ ක්‍රියාකාරීව  රැකියාවක් සොයමින්   සිටින අයගේ  ප්‍රතිශතයක් ලෙසිනි.)

ඇමෙරිකානු එක්සත් ජනපදයේ විරැකියා ප්‍රතිශතය 1948 සිට 2015 දක්වා 5.8%ක සාමාන්‍ය අගයක් ගනියි. එම කාලය තුළ වාර්තා වූ ඉහලම විරැකියා ප්‍රතිශතය වූයේ 1982 නොවැම්බර් මාසයට අදාළ 10.80 % අගයයි. එමෙන්ම 1948 සිට 2015 දක්වා කාලය තුළ වාර්තා වූ අවම විරැකියා ප්‍රතිශතය වූයේ 2.50% අගයකි. එය 1953 මැයි මාසයෙහි විරැකියා ප්‍රතිශතය වේ.

usd

2015 මාර්තු 06 වෙනි සිකුරාදා එක්සත් ජනපදයේ කම්කරු සංඛ්යාලේඛන කාර්යාංශයේ දත්ත ඇසුරෙනි..

2014  ජනවාරි සිට 2015 පෙබරවාරි  දක්වා ඇමෙරිකාවේ විරැකියා ප්‍රතිශතය ප්‍රස්තාරයකට ගත්  විට පහළ අගයක් කරා ගමන් කර ඇති  අයුරු දැක ගත හැකිය.

US-unemployment-rate

US-unemployment-rate 2014-2015

2015 ජනවාරි මස විරැකියා දත්ත වලට සාපේක්ෂව 2015 පෙබරවාරි මසට අදාල දත්ත සංසන්දනය කල විට පහත ආකාරයෙන් දැක්විය හැක.

 අප්‍රිකානු ඇමරිකානු ජාතිකයින්: ජනවාරි මාසයේ දී දත්ත 10.3 %සිට පෙබරවාරි මස 10.4 %, දක්වා ඉහල යාමක්
 ලතින් ජාතිකයින්: ජනවාරි මාසයේ දී දත්ත 6.7 % සිට පෙබරවාරි මස 6.6 % දක්වා පහල යාමක්
 ආසියානු ජාතිකයින්: (කාලීනව ගලපා නැත ): 4.0 %, ජනවාරි සිට නොවෙනස්ව
 ඇමරිකානු ඉන්දියානු: (මාසික පදනමින් දත්ත එකතු කර නොමැත )
 සුදු ජාතිකයින් : ජනවාරි මාසයේ දී දත්ත 4.9 % සිට පෙබරවාරි මස 4.7 % දක්වා පහල යාමක්
 වැඩිහිටි කාන්තාවන් (වයස අවු. 20 ට වඩා වැඩි ): ජනවාරි මාසයේ දී දත්ත 5.1 % සිට පෙබරවාරි මස 4.9 % දක්වා පහල යාමක්
 වැඩිහිටි පිරිමි (වයස අවු. 20 ට වඩා වැඩි): ජනවාරි මාසයේ දී දත්ත 5.3 % සිට පෙබරවාරි මස 5.2% දක්වා පහල යාමක්
 නව යොවුන් වියේ (16-19): ජනවාරි මාසයේ දී දත්ත 18.8 % සිට පෙබරවාරි මස 17.1 % දක්වා පහල යාමක්

පසුගිය වර්ෂය තුල පමණක් ඇමෙරිකානුවන් මිලියන 3.3 සංඛ්යා්වකට නව රැකියා අවස්ථා ලැබී ඇත. ඉන්ධන මිල පහල යාමත්, ඒ සමගම පාරිභෝගික ජනතාවගේ වියදම් කිරීමේ ශක්තිය වැඩි වීම නිසා එය ඇමෙරිකානු ආර්ථිකය වර්ධන වීමට හේතුවක් වේ. ඇමෙරිකානු ආර්ථිකයට අලුතින්’එකතු වන රැකියා ප්ර මාණය වැඩිවීමත් සමගම පසුගිය කාලය පුරාවටම එහි වර්ධනයක් පෙන්නුම් කල බැවින් ඉදිරියේදී (ජුනි හෝ සැප්තැම්බර්) ඇ. ඩොලරයේ පොලී අනුපාතිකය ඉහල දැමීමට ඇති ඉඩ ප්රපස්ථා වැඩිය.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *