U.S Non Farm Payroll 126K සහ Unemployment rate 5.5

Luis Mendez, Maurice Mike

අද දින නිව්යෝර්ක් වේලාවෙන් පෙ.ව 8.30 ට, එනම් ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 6.00 ට නිකුත් වූ ආර්ථික දත්ත අනුව EUR/USD හි මිල අගය ඉතා කෙටි කාලයක් තුල pips 100 කින් පමණ අගයකින් ඉහල යෑමක් සිදුවුණි.  එනම් දත්ත නිකුත් වූ වෙලාව ඇතුලත පළමු විනාඩි 2 තුල මිල අගය  1.0889 සිට 1.0999 දක්වාද, ඉන් විනාඩි 10 කට පමණ පසු 1.1000 අගය සීමාව පසුකර යෑමද සිදුවිය.

eur

EUR/USD මුදල් යුගලයෙහි මිල අගය වෙනස් වීම. 2015 April 03 – 6.00pm

 

 නිකුත් වූ ආර්ථික දත්ත

data

 

බොහෝ දෙනාගේ වැඩි අවධානයක් යොමු වූ මෙම සතියේ තිබුණු Economic News Events අතරින් වඩාත් වැදගත්ම  News Event එක අද දිනයේ නිකුත් වූ U.S Non Farm Payroll/Non Farm Employment Change හැදින්විය හැක. ආර්ථික විශ්ලේෂකයින්  අපේක්ෂා කල අගය මට්ටමට වඩා අඩු අගයකින් එම රැකියා දත්ත පිටවීම අද දිනයේදී දක්නට ලැබුණි. ආර්ථික විශ්ලේෂකයින්  අපේක්ෂා කල අගය මට්ටම  245,000  ලෙස ගණනය කර තිබුනත් පිටවූ සත්‍ය දත්ත වුයේ 126,000 ප්‍රමාණයකි. එනම් මාර්තු මස ඇමෙරිකානු සමාගම් විසින් අලුතින් බිහිකර ඇති රැකියා ප්‍රමාණය පෙබරවාරි මසටත් වඩා අඩු අගයකි. එමෙන්ම එම අගය 2013 දෙසැම්බර් මසට පසු නිකුත් වූ අවම අගයද විය.

අපේක්ෂා කල අගය මට්ටමට වඩා පහල අගයකින් අලුතින් එකතු වූ රැකියා දත්ත පිටවූ නිසා ඇමෙරිකානු ඩොලරය, අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක වලට සාපේක්ෂව දුර්වල විය.

ඇමෙරිකානු  විරැකියා ප්‍රතිශතය

ඇමෙරිකානු  විරැකියා ප්‍රතිශතය 2015  පෙබරවාරි මස තුල 5.50% අගයක් ගත්  අතර අද දින නිකුත් වූ දත්ත අනුව මාර්තු මස අගයද අපේක්ෂා කල අගය වූ   5.50% අගයෙන්ම නිකුත් විය.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *