U.S Non Farm Payroll – U.S Unemployment Rate June 5 Report

පසුගිය ජුනි 5 සිකුරාදා දිනයේ ඇමරිකානු නිව්යෝර්ක් වේලාවෙන් (EST) පෙ.ව 8.30 නිකුත් වූ U.S Non Farm Payroll දත්ත අනුව EUR/USD මුදල් යුගලයෙහි මිල අගය pips 164 කින් පමණ පහල බැසීමක් සිදුවිය. මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 6.00 ට නිකුත් වුණි.

nfp june 5

 

නිකුත් වූ ආර්ථික දත්ත

nfp report june 5

මූලාශ්‍රය : www.forexfactory.com

 

ජුනි 5 දින පිටවූ U.S Non Farm Payroll දත්ත අනුව ඇමෙරිකානුවන් මැයි මාසයට අලුතින් රැකියා 280,000 ක්  බිහිකර ඇත. ආර්ථික විශ්ලේෂකයින් අපේක්ෂා කල මට්ටම වූයේ 222,000 ~ 225,000 අගය සීමාවය. අපේක්ෂා කල අගය මට්ටමට වඩා ඉහල අගයකින් අලුතින් එකතු වූ රැකියා දත්ත පිටවූ නිසා ඇමෙරිකානු ඩොලරය, අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත් විය. ඉහත ප්‍රස්තාරයෙන්  දක්වා ඇත්තේ එම අවස්ථාවේදී ඇමරිකානු ඩොලරය, යුරෝවට සාපේක්ෂව ශක්තිමත් වූ ආකාරයයි.  එනම් විනිමය අනුපාතික අගය පහල යාමකි.

http://www.statista.com

http://www.statista.com

 

ඇමෙරිකානු විරැකියා ප්‍රතිශතය 2015 මැයි මස තුල 5.50% අගයක් ගෙන ඇති අතර එම අගය පසුගිය අප්‍රේල් මස නිකුත් වූ 5.40% අගයට වඩා වැඩි අගයකි. අපේක්ෂා කල මට්ටම වූ, 5.40% අගය ප්‍රතිශතයක් විරැකියාවෙන් පෙළෙනු ඇතැයි යනුවෙන් නමුදු පිටවූ අගය මේ වසරේ ජනවාරි මස නිකුත් වූ අගය 5.70% වඩා අඩු අගයක් මෙන්ම 2014 මැයි සිට මේ දක්වා එම අගය පහල අගයකට පැමිණීම ඇමෙරිකානු ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බව පෙන්නුම් කරයි. එනම් අලුතින් රැකියා බිහිවීමත් සමග විරැකියාවෙන් පෙලෙන්නන් ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවය.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *