USA සහ Canada DST Time

ඇමරිකා එක්සත් ජනපදයෙහි  බොහෝ ප්‍රාන්තවල, කැනඩාව සහ මෙක්සිකෝවේ උතුරු දේශ සීමාවේ  නගරවල  මාර්තු 8 ඉරිදා සිට සවස් කාලය ඉතිරි කර ගැනීමේ  කාලය (DST-Daylight Saving Time) ආරම්භ වේ. සෑම වර්ෂයකම දෙවන ඉරුදින, එනම් මේ වර්ෂයේ මාර්තු 8 ඉරුදින පෙ.ව 2.00 පෙ.ව 3.00 දක්වා පැයක් ඉදිරියට ගැනීම සිදුවෙන අතර, නැවත ඉදිරියට ගත්  පැය ආපස්සට ගැනීම සිදු වන්නේ, නොවැම්බර් මස පළමු  ඉරුදින සිටය.

download

2015 මාර්තු 8

london-oct-25-

2015 නොවැම්බර් 1

Forex වෙළදපොල ගනුදෙනු වල නිරත වන්නන්ට මෙම කාලය වෙනස් වීම වැදගත් වන්නේ Newyork මූල්‍ය වෙළදපොල ආරම්භ වන වේලාව ශ්‍රී ලංකා වේලාවෙන් පසුගිය සතියට වඩා පැයකට කලින් ආරම්භ වෙන බැවිනි. Newyork කලාපය අයත් වූයේ -5 GMT/UTC වන අතර ශ්‍රී ලංකාව අයත් වන්නේ +5.50 GMT/UTC කලාපයටය. එනම් ශ්‍රී ලංකාව හා Newyork අතර වෙලාවෙහි වෙනස වුයේ පැය 10.30 කි. අද දින සිට එය -4 GMT/UTC බවට වෙනස් වෙන නිසා ශ්‍රී ලංකාව හා Newyork අතර වේලාව වෙනස වන්නේ පැය 9.30 කි. එනම් Newyork වේලාව ශ්‍රී ලංකා වේලාවට වඩා පැය 9.30 ක් පිටුපසින් සිටින බවයි. එනම් හෙට දින(සදුදා) සිට Newyork මූල්‍ය වෙළදපොල ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 5.30 ටය.

මාර්තු 8 න් පසු ග්‍රිනිච් සම්මත වෙලාවට වඩා පිටුපසින් සිටින පැය ගණන ඇමෙරිකාවේ කලාප 6 කට වෙනස් වෙන අයුරු මෙම රුපයෙන් දැක්වේ.

US-UTC

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *